චීන විදේශ ඇමති වං යී මහතා ආසියාවේ අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සම්මේලනයේ හත්වැනි විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට අද(17) වීඩියෝ ආකාරයෙන් එක් විය.
සුරක්ෂිතතාව, සංවර්ධනය හා සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් පොදු ජයග්‍රහණ දිනා ගැනීම, වර්තමානයේ බහුතර රටවල දැඩි අපේක්ෂාව වන බව වං යී මහතා එහිදී සඳහන් කළේය. ඒ සඳහාත් පොදු ඉරණමක් සහිත ආසියානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහාත් ආසියානු අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සම්මේලනයට විශේෂ කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔහු කියාසිටියේය.
චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
පළමුවැන්න සාමකාමී සහපැවැත්ම පවත්වා ගෙන යමින් පොදු ආරක්ෂාවට එක්ව උත්සාහ කිරීමය.
දෙවැන්න, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කරමින් සමෘද්ධිය හා සංවර්ධනය ඉදිරියට ගෙන යාමයි.
තුන්වැන්න, ශිෂ්ටාචාරාත්මක විවිධත්වයට ගරු කරමින් අන්‍යෝන්‍ය අධ්‍යයනය හා අදහස් හුවමාරු පුළුල් කිරීමය.
හතර වැන්න, බහුපාර්ශ්විකවාදය අනුගමනය කිරීමය.
චීනයේ සංවර්ධනය ආසියාවෙන් වෙන් කළ නොහැකි වන අතර ඉන් ආසියාවේ සංවර්ධනයට බලවත් ගාමක බලයක් ලබා ගත හැකිය. චීනය ආසියානු අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සම්මේලනයේ සෙසු සාමාජික රටවල් සමග සමගියෙන් ක්‍රියා කරමින් පොදු ජයග්‍රහණ දිනා ගන්නා නව ආසියා ශිෂ්ටාචාර රටාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද වං යී මහතා ප්‍රකාශ කර ඇත.