චීන විදේශ ඇමති වන්ග් යී මහතා යුරෝපා සංගමයේ හා එහි සාමාජික රටවල චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් හමුවෙයි. එම හමුව ඊයේ(25) බෙයිජිං නගරයේදී සිදුවිය.
චීනය හා යුරෝපා සංගමය වත්මන් ලෝකයේ ප්‍රධානතම ඵලදායී බලවේගයන් වන අතර දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරමින් පරස්පරතා මනා ලෙස හැසිරවිය යුතු බව වන්ග් යී මහතා කීය. සිය ශක්තීන් වර්ධනය කරමින් චීනය හා යුරෝපා සංගමය පරිපූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නව මට්ටමකට ගෙන ඒමට ක්‍රියා කිරීමේ අවශ‍්‍යතාව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. චීන විදේශ ඇමතිවරයා චීන යුරෝපා සබඳතාවන්හී අනාගත සංවර්ධනය වෙනුවෙන් තෙවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
එහි පළමුවැන්න අන්‍යෝන්‍ය ගරුත්වය සුරකිමින් විශේෂයෙන් දෙපාර්ශ්වයේ සැලකිල්ලට ලක්වන ප්‍රධාන ප්‍රතිලාභ වෙත ගරු කළ යුතුය. යුරෝපා සංගමය එකම චීනය ප්‍රතිපත්තියෙහි එල්බ සිටිමින් කවරාකාරයේ හෝ “තායිවාන ස්වාධීනත්ව”ක්‍රියාකාරකම්වලට විරුද්ධ වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද චීන විදේශ ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.
දෙවෙනි යෝජනාව ලෙසට චීන විදේශ ඇමතිවරයා ඉදිරිපත් කළේ දෙපාර්ශවය හවුල්කරුවන් මිස එදිරිවාදීන් හෝ නිසැකවම සතුරන් නොවන බව සහතික කරමින් සිය හවුල්කාරීත්වයන්හී එල්බ සිටිය යුතු බවය.
තුන්වෙනි යෝජනාවට අනුව දෙපාර්ශ්වය බහුපාර්ශ්වවාදයේ එල්බ සිටිය යුතුය. චීනය සැමවිටම සාම සාකච්ඡා පැවැත්විය යුතුය යන ස්ථාවරයේ සිටින අතර බලහත්කාරීත්වය ප්‍රතික්ෂේප කරන බව ද වන්ග් යී මහතා සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස,යුරෝපා සංගමය අනාගතය වෙනුවෙන් චීනය සමග සමීප සබඳතා පවත්වමින් බහුපාර්ශ්වවාදය සුරකිමින් ලෝක සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනයට ක්‍රියා කරන බව සඳහන් කළේය.
