
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා, චීනයේ නව ඇමරිකානු තානාපති David Perdue මහතා බෙයිජිංහිදී හමු වේ.
ඇමරිකානු තානාපතිවරයා ලෙස David Perdue මහතා රාජකාරී කටයුතු කිරීම පිළිගනිමින් චීන ඇමරිකා සබඳතාව යහපත් මෙන්ම තිරසර වශයෙන් ප්‍රවර්ධනය කිරීමට සක්‍රිය දායකත්වය දැරීමට අපේක්ෂා කරන බව වං යී මහතා ඊයේ (03) පැවති හමුවේදී පැවසීය.
වත්මන් චීන ඇමරිකා සබඳතාව තීරණාත්මක ස්ථානයක පවතී. සමානාත්මතාව හා ගරු කිරීම, ද්විපාර්ශ්වික සබඳතාවන් හි පදනම වන අතර සංවාදය හා සහයෝගිතාව, දෙපාර්ශ්වයටම එකම නිවැරදි තේරීම බවට පත් වන බව වං යී මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෑතකදී ඇමරිකාව අසත්‍ය තොරතුරු මුවාවෙන් පියවර රැසක් ගෙන චීනයේ අයිතිවාසිකම්වලට හානිසිදු කළ අතර ඊට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව වං යී මහතා අවධාරණය කළේය.
ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ගරු කරන බව David Perdue මහතාඑහිදී පැවසීය. දෙරටේ නායකයන් සක්‍රිය මෙන්ම අර්ථාන්විතව සබඳතා පැවැත්වීම ඉතා වැදගත් ය. අන්‍යෝන්‍ය ගරුකිරීම මත චීන පාර්ශ්වය සමග සමීප සංවාද පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව David Perdue මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.