චීන වෙරළාරක්ෂක බලකාය හා චීන හමුදා දකුණු චීන මුහුදේ Huangyan දූපත ආශ්‍රිත මුර සංචාරයන් හි නිරත වේ

චීන වෙරළාරක්ෂක බලකාය අද(29) දකුණු චීන මුහුදේ Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ මුර සංචාර ක්‍රියාත්මක කරයි. නොවැම්බර් මස පළමුදා සිට මේ දක්වා, චීන වෙරළාරක්ෂක බලකාය අදාළ මුහුදු කලාපයේ මුර සංචාර කරමින් නීති බලාත්මක කිරීම අඛණ්ඩව ශක්තිමත් කරමින් සිටී. අදාළ නීති හා රෙගුලාසි අනුව, නීති විරෝධී ව එම ප්‍රදේශය වෙත ඇතුළු වූ නෞකා හා ගුවන් යානා කෙරෙහි අනතුරු අඟවා අදාළ ප්‍රදේශයෙන් ඒවා ඉවත් කිරීම සඳහා ඔවුන් පියවර ගෙන ඇත. ඒ සමඟින් එම මුහුදු කලාපයේ පාලන බලය තවදුරටත් ශක්තිමක් කෙරිණ. 

එමෙන්ම, චීන මහජන විමුක්ති හමුදාවේ දක්ෂිණ විධානය ද දකුණු චීන මුහුදේ Huangyan දූපත ආශ්‍රිත මුහුදු හා ගුවන් කලාපයේදී අද(29) මුර සංචාර ක්‍රියාත්මක කර ඇත. මෙම මුර සංචාරයට චීන මහජන විමුක්ති හමුදාවේ දක්ෂිණ විධානයේ නාවික හා ගුවන් හමුදා සාමාජිකයින් එක්ව සිටී. ජාතික ස්වාධිපත්‍යය සහ සුරක්ෂිතභාවය සහතික කරමින් දකුණු චීන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සාමය හා ස්ථාවරත්වය දැඩි ලෙස තහවුරු කිරීමට චීනය මෙමඟින් පියවර ගෙන ඇත.