චීන-ෂැංහයි සහයෝගිතා සංවිධාන විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන සහයෝගිතා මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ

චීන-ෂැංහයි සහයෝගිතා සංවිධාන විද්‍යා හා තක්ෂණික නවෝත්පාදන සහයෝගිතා මධ්‍යස්ථානය අද (04) පෙරවරුවේ චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ නිල වශයෙන් ස්ථාපිත කෙරිණ.

ඊට සමගාමීව ෂැංහයි සහයෝගිතා සංවිධානය හා සම්බන්ධ රටවලට වැදගත් වන්නා වූ ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපෘති 10ක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිවලට ජෛව වෛද්‍ය විද්‍යාව, උසස් තත්ත්වයේ උපකරණ සහ ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුත් නවීන කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඇතුළත් වේ.

එම මධ්‍යස්ථානය කලාපීය සහයෝගිතා නවෝත්පාදනයන් ඵලදායී ලෙස ප්‍රවර්ධනය කරන අතර විවෘත හා සහභාගිත්වයෙන් යුතු අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී ජාත්‍යන්තර නවෝත්පාදන සහයෝගිතා පරිසර පද්ධතියක් ගොඩනඟනු ඇත. ඉන් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විවිධ සාමාජික රටවල ආර්ථික හා සාමාජීය සංවර්ධනයට නව ජවයක් ලබා දීමට ද අපේක්ෂා කෙරේ.