චීන සමාගම් වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් සඳහා සහභාගී වීම සීමා කිරීමේ යුරෝපා සංගමයේ සැලැස්මට චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ප්‍රතිචාර දක්වයි.
ඔහු ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ, යුරෝපා සංගමයේ අදාළ තීරණ හා වෙනස් කොට සැලකීමේ පියවර චීන සමාගම්වල අවශ්‍යතාවන්ට හානි කිරීමක් පමණක් නොව, ඒකපාර්ශ්වික ක්‍රම මගින් සාධාරණ තරඟකාරිත්වය අඩපණ කොට නව වෙළඳ බාධක ගොඩනගා ඇති බවයි. චීනය මෙම ආරක්ෂණවාදී පියවරට දැඩි ලෙස විරුද්ධ වන බව හෙතෙම කියා සිටියේය.
වත්මන් ගෝලීය ආර්ථික පිළිවෙල, ඒකපාර්ශ්වවාදයේ සහ ආරක්ෂණවාදයේ බරපතල බලපෑමකින් පීඩා විඳින බව චීන ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. චීනය සහ යුරෝපා සංගමය ලෝක වෙළඳ සංවිධානයේ අදාළ නීතිරීතීන්ට අනුකූලව සාධාරණත්වය, විනිවිදභාවය සහ වෙනස්කම් නොකිරීමේ මූලධර්මයට අනුගත විය යුතුය. සහයෝගීතාවය සහ සංවාදය තුළින් වෙනස්කම් නිසි ලෙස හසුරුවා ගනිමින් චීන-යුරෝපා සංගම් ආර්ථික හා වෙළඳ සබඳතාවන් හි විධිමත් සංවර්ධනය ඒකාබද්ධව පවත්වා ගත යුතු බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.