චීන හමුදාවට අයත් පක්ෂ සංවිධානයන්හි මැතිවරණ කටයුතු සඳහා වන රෙගුලාසි නිකුත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසම “හමුදාවේ පක්ෂ සංවිධාන මැතිවරණය සඳහා රෙගුලාසි” නිකුත් කරයි. එය 2026 පෙබරවාරි 01 වන දින සිට බලාත්මක වනු ඇත.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයෙන් මග පෙන්වනු ලබන එම රෙගුලාසි, හමුදාවේ සෑම මට්ටමක පක්ෂ සංවිධානයන්හි මැතිවරණ කටයුතු පුළුල් ලෙස ප්‍රමිතිකරණය කරයි.

හමුදාව තුළ චීන කොමියුනිස්ට් පක්ෂ මැතිවරණ ක්‍රමය වැඩිදියුණු කිරීමටත්, හමුදාව තුළ පක්ෂ ගොඩනැගීම ශක්තිමත් කිරීමට සහ චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ සියවස් සංවත්සර ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා එම රෙගුලාසි ඉතා වැදගත් අර්ථයක් එක් කර ඇත.