චීන හා ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක් හෙට(30)

චීන හා ඇමරිකානු දෙපාර්ශ්වයේ සාකච්ඡා හරහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ හමුවක් හෙට(30) දකුණු කොරියාවේ Busan හිදී පැවැත්වීමට නියමිතය. ඔවුන් චීන-ඇමරිකානු සබඳතා සහ දෙපාර්ශ්වය පොදුවේ අවධානය යොමු කරන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් මේ බව පැවසීය.