චීන හා රුසියානු ජනාධිපතිවරු නව වසරේ සුබ පැතුම් පණිවිඩ හුවාමරු කර ගනිති

චීන හා රුසියානු ජනාධිපතිවරු නව වසරේ සුබ පැතුම් පණිවිඩ හුවාමරු කර ගනිති. 2025 නව වසර වෙනුවෙන් අද (31) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එකිනෙකාට සුබ පතමින් පණිවිඩ හුවමාරු කර ඇත.

2024 වසරට චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර වසර 75ක් සපිරුණි. ගෙවුණු වසර 75 තුළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ස්ථාවර හා පරිණත වී ඇතැයි චීන ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් කියාසිටී. 2024 වසරේ චීන හා රුසියානු ජනාධිපතිවරු අවස්ථා තුනකදී හමු වී ද්විපාර්ශ්වික සම්බන්ධතා හා පොදුවේ අවධානය යොමු කරන ජගත් හා කලාපීය කරුණු පිළිබඳව පුළුල් අන්දමින් අදහස් හුවමාරු කරගත්හ. නායක දෙපළගේ සමීප සන්නිවේදනය මගින් චීනය හා රුසියාව අතර පවතින දේශපාලන විශ්වාසය හා උපායමාර්ගික සම්බන්ධීකරණය අඛණ්ඩව ඉහළ යමින් පවතින බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතාවන් තවදුරටත් පුළුල් වී ඇති බවත්, චීන ජනාධිපතිවරයා පවසයි. 2025 වසරේ විවිධ ක්ෂේත්‍රයන්හි චීන-රුසියානු සහයෝගිතාවන්ට නව වර්ධනීය අවස්ථා හිමි වනු ඇති බවට ද හෙතෙම විශ්වාස පළ කර තිබේ.

නව වසර වෙනුවෙන් චීන ජනතාවට සුබ පතමින් ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා කියා සිටියේ නව යුගයේ රුසියානු-චීන පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා තුළින් 2024 වසරේදී දෙරටට නව ජයග්‍රහණ අත්කරගැනීමට හැකි වූ බවයි. 2025 වසරේ ෂී ජින් පිං ජනාධිපතිවරයා සමග අඛණ්ඩව සමීප සම්බන්ධතා පවත්වමින් ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍රවල ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත.

මේ අතර, 2025 නව වසර වෙනුවෙන් චීන අගමැතිවරයා සහ රුසියානු අගැමතිවරයා ද අද(31) අන්‍යෝන්‍ය වශයෙන් සුබපැතුම් පණිවිඩ ද හුවමාරු කරගෙන තිබේ.