චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

චීන ළමා පුරෝගාමීන්ගේ නවවන ජාතික සම්මේලනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් ලිපියක් යොමු කරයි. දරුවන් වෙනුවෙන් වූ ජාතික සංවිධානයක් වන මෙය අද(27) බෙයිජිංහි දී ආරම්භ විය. ඒ ජුනි පළමුවනදාට යෙදෙන ජාත්‍යන්තර ළමා දිනය නිමිති කර ගනිමිනි. ළමා පුරෝගාමීන්ටත්, ඔවුන්ගේ උපදේශකයන්ටත්, ළමා පුරෝගාමීන් කටයුතු වල නිරත කාර්යමණ්ඩලයටත් සුබ පැතුම් පිරිනමින් රට පුරා සිටින සමස්ත ළමුන් වෙත හෙතෙම සුබ ප්‍රාර්ථනා එක් කළේය.

දරුවන් බලවත් රටක් ගොඩනැංවීමටත් ජාතියේ පුනරුත්ථාපනයටත්  සවිබලයක් බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. නව ඇරඹුමේ දී, චීන ළමා පුරෝගාමීන් කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති හෙතෙම, චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය වෙනුවෙන් සුදුසුකම්වලින් හෙබි පුද්ගලයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇත. දේශප්‍රේමීත්වය, උත්සාහය හා ආචාර්ධර්මයන්ගෙන් යුත් තරුණයන් බවට පත්වීමට අවශ්‍ය මඟපෙන්වීම සිදු කළ යුතු ය. එසේ ම, දරුවන් ප්‍රශස්ත අයුරින් වැඩිවියට පත් වීම උදෙසා මනා වටපිටාවක් නිර්මාණය කළ යුතු බවට ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩය මගින් උපදෙස් දී ඇත.