ජගත් ප්‍රජාවේ ප්‍රවණතා පිළිබඳ නිසි අවබෝධයෙන් ඇතැම් රාජ්‍යයන් වහා නිවැරදි තීරණ ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ

ඇතැම් රාජ්‍යයන් ජගත් ප්‍රජාවේ ප්‍රධාන ප්‍රවණතාවන් පිළිබඳ පැහැදිලිව අවබෝධ කරගනිමින් හැකි ඉක්මනින් නිවැරදි තීරණ ගනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් රජයේ අගමැති Ralph Gonsalves මහතා චීනය සමඟ තම රටෙහි සම්බන්ධතා වර්ධනය කිරීමේ හැකියාව සොයා බලන බවට මෑතකදී මාධ්‍ය වාර්තා පළ විය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය අදහස් පළ කළාය.

එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමක් මෙන්ම ජාත්‍යන්තර සබඳතාවන් හි මූලික ප්‍රමිතියකි. සමස්ත ලෝකයේ රටවල් 183ක් චීනය සමග රාජ්‍යතන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ඇති බව ද ඇය සඳහන් කළාය. එම සත්‍යය මගින් එකම චීනය මූලධර්මය අනුගමනය කිරීම, ජාත්‍යන්තර යුක්තිය, ජනතාවගේ අපේක්ෂාව හා ප්‍රධාන ප්‍රවණතාවට අනුකූල වීම මනා ලෙස පිළිබිඹු වේ. ඇතැම් රාජ්‍යයන් ජගත් ප්‍රජාවේ ප්‍රධාන ප්‍රවණතාවන් පිළිබඳ පැහැදිලිව අවබෝධ කරගනිමින් ජනතා අපේක්ෂාවන්ට අනුකූලව හැකි ඉක්මනින් නිවැරදි තීරණ ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද Mao Ning මහත්මිය පැවසුවාය.