ජගත් පාලනයට පෙනී සිටින ‘ගෝලීය දකුණු රාජ්‍යයන්’ හි සවිය

ගෙවී යන 2024 වසරේ අර්බුදකාරී තත්ත්වයන් යටතේ ගෝලීය පාලන පද්ධතිය දුර්වල මට්ටමක පවතී. යුක්රේන අර්බුදය, පලස්තීන-ඊශ්‍රායල ගැටුම, ආර්ථික පුනරුදය පසුගාමී වීම, ත්‍රස්තවාදය ඇතුළු ගැටළු හමුවේ ‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’ හි එකමුතුව හා සහයෝගිතා අත්‍යවශ්‍ය වෙයි.

‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’ අතර එක් රාජ්‍යයක් වන චීනය විසින් ඉදිරිපත් කෙරුණු පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැංවීමේ සංකල්පය, ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම සහ ගෝලීය මුලපිරුම් තුන ඔස්සේ ලෝකයේ විවිධ රටවල පොදු සංවර්ධනය උදෙසා මාර්ගෝපදේශ ලබා දී තිබීම ජගත් ප්‍රජාවෙහි පොදු අවධානයට ලක්ව ඇත. 

මේ අතර, මෙම වසර තුළ, ජාත්‍යන්තර සමුළු රැසකදීම ‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’හි කාර්යභාරයන් ද වඩාත් කැපී පෙනෙන්නට වීම විශේෂත්වයකි. තුර්කියේ ප්‍රවීණ මාධ්‍යවේදි, තීරු ලිපි රචක Zülal Çelik සඳහන් කරන පරිදි, යුක්රේන අර්බුදය, පලස්තීන-ඊශ්‍රායල ගැටුම ඇතුළු අන්තර්ජාතික වශයෙන් පොදු අවධානයට ලක් වූ මාතෘකා පිළිබඳව ඇතැම් බලවත් රටවල් එල්ල කර ඇති චෝදනා, පීඩාවන් හා දෙබිඩි ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් මුහුණ දීමේදී ‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’ගාම්භීර අයුරින් සිය අදහස් ප්‍රකාශ කර ඇත.

පාකිස්ථානයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ලේකම්, කලාපීය පර්යේෂණායතනයේ ප්‍රධානි Johar Saleem මහතා, එපෙක් සංවිධානයේ දියුණුව සහ ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් චීනය ලබා දුන් දායකත්වය පිළිබඳව ඇගයීමට ලක් ක‍ළේය. එමෙන්ම ‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’, සංවර්ධිත රටවල් හා කලාප සමග එක් විය යුතු බවත් ඒ හරහා අන්‍යෝන්‍ය සම්බන්ධතා තහවුරු කරමින් පොදුවේ සංවර්ධනය කරා ගමන් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.