ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම සංචාරය දෙරටේ සබඳතා සංවර්ධනයට ඉතා වැදගත් බව Guo Jiakun මහතා කීය. මෙම සංචාරය තුළ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමු වනු ඇති අතර චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා ද වෙන් වෙන් ව අනුර කුමාර දිසානායක මහතා හමු වීමට නියමිත ය.
චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රශීලි අසල්වැසි රටවල් දෙකකි. 1957 වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමෙන් පසු ජාත්‍යන්තර තත්ත්වයේ දැවැන්ත වෙනස්කම් සිදු වුව ද දෙරටේ සබඳතාව ස්ථීර මෙන්ම යහපත් ලෙස වර්ධනය වී තිබේ. මිත්‍රශීලි සබඳතාව හා අන්‍යෝන්‍ය වාසිසහගත සහයෝගිතා සහිත රටවල් අතර මනා නිදසුනක් දෙරට විසින් ස්ථාපිත කර තිබේ. අනුර කුමාර දිසානායක මහතාගේ මෙම සංචාරය මගින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික මිතුදම හා දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීම ඉදිරියට ගෙන යාමටත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමටත් චීනය කැමැත්තෙන් සිටී. මේ තුළින් දෙරට අතර අවංක හා අන්‍යෝන්‍ය ලෙස සහාය වීම් හා පාරම්පරික මිතුදම සහිත උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව ඉදිරියට මෙහෙයවමින් දෙරටේ ජනතාවට වඩාත් වැඩියෙන් සුභසෙත සැලසිය හැකි යැයි බලාපොරොත්තු වන බව ද Guo Jiakun මහතා අවධාරණය කළේය.