දෙසැම්බර් 9 වනදා ජන සංහාරයේ වින්දිතයින් සිහිපත් කිරීම, වින්දිතයින්ගේ ගෞරවය සහ එවැනි අපරාධ වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර දිනයයි. එම දිනය සිහිපත් කරමින් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත්විණ. වර්තමානයේ අඛණ්ඩ යුද ගැටුම් තත්ත්වය සමග ජන සංහාරයේ විනාශකාරී බලපෑම අද දක්වාම පවතින බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා එම රැස්වීම අමතමින් අවධාරණය කළේය.
ජන සංහාර සිදුවීම් කෙරෙහි නිහඬව නොසිට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත් ජන සංහාරය සහ මනුෂ්‍යත්වයට එරෙහි අනෙකුත් අපරාධ නැවත ඇතිවීම වැළැක්වීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන ලෙසත් චීනය සියලු රටවලින් ඉල්ලා සිටී. මානුෂීය විරෝධී, අන්තවාදී සහ මිලිටරිවාදී මතවාදයන් නැවත මතුවීමට සහ නැවත වරක් ලෝකය ව්‍යසනයක් කරා ඇද දැමීමට චීනය කිසි විටෙකත් ඉඩ නොදෙන බව ද චීන නියෝජිතයා ප්‍රකාශ කර ඇත.