ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර උත්සවය පිළිබඳව සාරාංශගත කිරීමේ රැස්වීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රධානත්වයෙන් අද(17) පෙරවරුවේ බෙයිජිං නගරයේදී පැවැත්විණ. අදාළ උත්සවයේ සූදානම් කටයුතුවලට එක්වූ ඒ ඒ ක්ෂේත්රවල නියෝජිතයන් හමුවී හෙතෙම ස්තූතිය පළ කරමින් සුබ පැතුම් පිරි නමා ඇත. ඔවුන් සිදු කළ සුවිශේෂී දායකත්වයන් පිළිබඳව ඉහළින් ප්‍රශංසා පළ කළ ෂී ජින් පිං මහතා, නව ජයග්‍රහණ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ඔවුන් දිරිමත් කර ඇත.
පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ නිත්‍ය සාමාජිකයන්ගේ රැස්වීමේදී, ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර උත්සවය ගාම්භීර හා ආශ්වාදජනක උත්සවයක් වූ බවයි.එමගින් ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ ශ්‍රේෂ්ඨ ජීවගුණය තවදුරටත් ප්‍රචාරය කරමින් ශක්තිමත් රටක් සම්පූර්ණයෙන් ගොඩනැගීම පිළිබඳ දැඩි අධිෂ්ඨානය තහවුරු කොට තිබේ. එසේම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමෙහි චීනයේ වගකීම් පිළිබිඹු වූ බවද හෙතෙම පැවසීය.
චීනය පාශ්චාත් යුද්ධ සමයේ ජගත් පටිපාටියේ ස්ථාවර ආරක්ෂකයෙකි. නිවැරිදිව දෙවන ලෝක යුද්ධයේ ඓතිහාසික අවබෝධය අනුගමනය කළ යුතු බවද හෙතෙම පැවසීය. ඓතිහාසික විශ්වාසය තහවුරු කර චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සමස්ත චීන ජාතිය ජපන් ආක්‍රමණයට එරෙහි මහජන යුද්ධය ජයගැනීමේදී බුද්ධිය හා ශක්තිය අධ්‍යයනය කළ යුතු බවත් ඉතිහාසයෙන් අත්දැකීම් ලබා ගෙන අඛණ්ඩව ඉදිරියට යා යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.