ජපන් ආක්‍රමණ සමයේ අඳුරු පැතිකඩ ලොවට විවර කෙරෙන “731” සිනමාපටය ලබන 18 සිට තිරගත කෙරේ

ජපන් ආක්‍රමණ සමයේ චීනයේ වාර්තා වූ අතිශය බිහිසුණු සිදුවීමක් අළලා නිර්මාණය කෙරුණු “731” නම් චිත්‍රපටය ලබන 18 වනදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතව තිබේ. ඊට සමගාමීව මෙම සිනමාපටයේ දැන්වීම ඊයේ(14) නිල වශයෙන් නිකුත් කෙරිණ.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය අවසන් වීමට පෙර යුද තත්ත්වය වෙනතකට හැරවීම වෙනුවෙන් ජපන් හමුදාව ඊසානදිග චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේ බැක්ටීරියා යුද පර්යේෂණක් සිදු කරමින් මානව අත්හදා බැලීම් සිදු කරන බව එම චිත්‍රපටයෙන් කියැවේ. ජපන් හමුදාව එම යතාර්ථය සඟවා ගැනීමට වෑයම් කර ඇතත්, සැබෑ ඉතිහාසය හෙළි කිරීම වෙනුවෙන් චීන ජනතාව නොසැලෙන අධිෂ්ඨානයෙන් ක්‍රියා කර ඇත.

මේ අතර ජපන් ආක්‍රමණිකයන් චීනයේ සිදු කළ මානව අත්හදා බැලීම්වල අපරාධ හෙළි කෙරෙන රහසිගත ලේඛන නිකුත් කිරීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය පසුගිය අ‍ගෝස්තු මස 19 වනදා පියවර ගත්තේය.

එම ලේඛනවලට අනුව, ජපන් ආක්‍රමණික හමුදාවට අයත් 731 ඒකකය, බැක්ටීරියා යුද්ධය දියත් කිරීම සඳහා අඛණ්ඩ මානව අත්හදා බැලීම් සිදු කර තිබේ. ආසාදන අනුපාතය ගණනය කිරීම සහ බැක්ටීරියා වල ගුණාත්මකභාවය දැන ගැනීම සඳහා ජපන් ආක්‍රමණිකයන් බැක්ටීරියා වාහක කාලතුවක්කු ප්‍රහාරයන් ද චීන ජාතිකයන් සිය ගණනකට එරෙහිව එල්ල කර ඇති බව එම වාර්තාවන් හි දැක් වේ.