ජපානයේ 2025 ආරක්ෂක ධවල පත්‍රිකාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය මැදිහත් වීමක් වන බවට චෝදනා

ජපාන රජයේ 2025 ආරක්ෂක ධවල පත්‍රිකාව ඊනියා “චීන තර්ජනය” ප්‍රචාරය කරන අතර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වන බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් Jiang Bin මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදී වාර්තාකරුවෙකු ඒ පිළිබඳව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ සම්බන්ධයෙන් චීනය දැඩි අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති බව ඔහු පැවසීය.

ජපාන මිලිටරිවාදීන් චීනයට සහ එහි ආසියානු අසල්වාසීන්ට ගැඹුරු ව්‍යසනයන් ගෙනැවිත් ඇති බව Jiang Bin මහතා පැවසීය. තමන් පිළිබඳව බැරෑරුම් ලෙස මෙනෙහි කිරීම පසෙකලා, ජපානය නැවත වරක් තම හමුදාව ශක්තිමත් කිරීමේ සහ අවි ආයුධ පුළුල් කිරීමේ භයානක ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. එමෙන්ම ජපානය සිය ආරක්ෂක අයවැය සැලකිය යුතු ලෙස වැඩි කර ඇති අතර අවි ආයුධ අපනයන සීමාවන් ද අඛණ්ඩව ලිහිල් කරමින් සිටී. මෙම ක්‍රියාවන් පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙල බරපතල ලෙස අඩපණ කර ඇති බවත් ආසියානු අසල්වාසීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ඉහළ සුපරික්ෂාකාරිත්වයක් මෙන්ම ගැඹුරු කණස්සල්ලක් ඇති කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.