ජපානයේ Osaka Expo හි දී ප්‍රදර්ශන නිර්මාණය වෙනුවෙන් චීන මණ්ඩපය රන් සම්මානය දිනා ගනී

Osaka Expo 2025 හි ඊයේ(12) පැවති නිල සම්මාන උළෙලක දී ස්වයංව නිර්මාණය කරන ලද ප්‍රදර්ශන කුටියට හිමි රන් සම්මානය චීන මණ්ඩපය විසින් දිනා ගැණින.

1982 වසරේදී ලෝක ප්‍රදර්ශන සඳහා චීනය එක් වෙමින් සංවිධානය කිරීම ආරම්භ කළ දා සිට ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වූ කවුන්සිලය විසින් අඛණ්ඩව දිනා ගන්නා ලද පස් වන ප්‍රධාන එක්ස්පෝ සම්මානය මෙයයි.

ගෘහ නිර්මාණ ශිල්පය සහ තේමා අර්ථ නිරූපණය යන කාණ්ඩ තුනක් ආවරණය වන පරිදි සම්මාන ප්‍රධානය කෙරිණ. ගෘහ නිර්මාණ ශිල්පය සහ කලාව පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් නව දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් මණ්ඩපයේ ප්‍රමාණය සහ කාණ්ඩ මත පදනම්ව සම්මාන විනිශ්චය කර ඇත.

ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඇතුළුව ස්වයංව නිර්මාණය කරන ලද විශාල මණ්ඩප 25ක් අතර චීන මණ්ඩපයේ නිර්මාණය රන් සම්මානය උදෙසා විශේෂත්වය හිමි කර ගෙන තිබේ.

ජාත්‍යන්තර ප්‍රදර්ශන කාර්යාංශයේ මහලේකම් Dimitri Kerkentzes පැවසුවේ චීන මණ්ඩපය එක්ස්පෝ තේමාව සමග සමීපව සමපාත වන බවත්, එය චීනයේ දිගු ඉතිහාසය සහ සංස්කෘතිය පමණක් නොව, අනාගතය වෙනුවෙන් සංවර්ධන විසඳුම් සඳහා දායක වීමේ දැක්ම සහ වගකීම ද ප්‍රදර්ශනය කරන බවත්ය.

චීන මණ්ඩපය වර්ග මීටර් 3,500 ක් පමණ ආවරණය කරමින් නිර්මාණය කර තිබිණ. සාම්ප්‍රදායික චීන අක්ෂර වින්‍යාස ලියවිලි වලින් ආභාෂය ලැබූ මෙම මණ්ඩපයේ වාස්තු විද්‍යාත්මක සැලසුම “මිනිසා සහ සොබාදහම සඳහා ජීවන ප්‍රජාවක් ගොඩනැගීම – හරිත සංවර්ධනයේ අනාගත සමාජය” යන තේමාව මූර්තිමත් කළේය.