ජපානයේ UNIQLO සමාගම චීන ෂීන්ජ්යං උයිගුර් ස්වායත්තයේ කපු නිෂ්පාදිත භාවිත නොකිරීම පිළිබඳව එම සමාගමේ අධ්යක්ෂවරයා පසුගිය දා ප්‍රකාශයක් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මෙලෙස ප්‍රතිචාර දැක්වූවාය.
චීන ෂීන්ජ්යං උයිගුර් ස්වායත්තයේ නිෂ්පාදනය කෙරෙන කපු, ලෝකයේ ඉහලම ප්‍රමිතීන්ට අනුකූල බව ඇය සඳහන් කළාය. අදාළ ව්‍යවසායන් සඳහා, දේශපාලන බලපෑම් හා නුසුදුසු බාධා වළකා ගනිමින් ස්වාධීනව සිය සමාගමේ ජයග්රහණයන්ට අනුකූල වන වාණිජ මට්ටමේ තීරණ ගැනීමට හැකිවනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළාය.