දෙවන ලෝක යුද සමයේදී පරාජිත රටක් ලෙස ජපානය, තම ඉතිහාසය තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ගැඹුරු ස්වයං විමර්ශනයක් කළ යුතු බව චීනය පවසයි. එමෙන්ම තායිවාන ගැටලුවට අදාළ දේශපාලනික වගකීම්වලට අනුගතව ක්‍රියා කරමින්, සීමා අතික්‍රමණය කෙරෙන ප්රකෝපකාරී හැසිරීම් වහා නතර කර, තම වැරදි ප්‍රකාශ ඉල්ලා අස් කර ගත යුතු බවත් චීනය යළි අවධාරණය කරයි.
යටත් විජිතවාදය සහ එහි සියලු ආකාර හා ප්රකාශනයන්ට එරෙහි පළමු ජාත්‍යන්තර දිනය සමරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති ඉහළ මට්ටමේ පූර්ණ රැස්වීමට එක්වෙමින්, එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ අදහස් පළ කළේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ, යටත් විජිත ආක්‍රමණය අවසන්ව ඇතත්, එහි අඳුරු සෙවණැල්ලෙන් මිදීමට ලෝකයට තවමත් සම්පූර්ණ හැකියාව ලැබී නොමැති බවයි.
එබැවින් පශ්චාත් යුද ජාත්‍යන්තර ක්‍රමවේදය වෙත අභියෝග කරන්නා වූ හෝ ඊට බාධා කිරීමට උත්සාහ කෙරෙන ඕනෑම වචනයක් හෝ ක්‍රියාවක් වෙනුවෙන් දැඩිව විරෝධය දක්වන වන ලෙස Fu Cong මහතා මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
යටත් විජිතවාදයේ සියලු ආකාර සහ ප්රකාශනයන්ගෙන් යුත් යටත් විජිතවාදයට එරෙහි ජාත්‍යන්තර දිනය, යටත් විජිතවාදයෙන් සිදුවූ හානිය මතකයේ තබා ගැනීමට සහ දැනට ක්‍රියාත්මක වන යටත් විජිතකරණය අවසන් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට මෙන්ම යටත් විජිතවාදයේ සියලු ආකාර හා ප්රකාශනයන් අවසන් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව පොළඹවා ගැනීම අරමුණු කරන බව හෙතෙම සඳහන් කළේය.
ජපානය අතීතයේදී චීනය මෙන්ම කොරියානු අර්ධද්වීපය සහ අග්නිදිග ආසියාව ද ආක්‍රමණය කරමින් බිහිසුණු යටත් විජිත පාලනයක් ගෙන ගිය බව Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නේය. එම යටත් විජිත සමයේදී ගණන් කළ නොහැකි තරමේ අපරාධ සහ ම්ලේච්ඡ ක්‍රියා රැසක් තායිවානය තුළ සිදු කළ ජපාන ආක්රමණිකයින් එරට වැසියන් 650,000කට අධික පිරිසක් ඝාතනය කළ බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම දෙලක්ෂයක පමණ තායිවාන තරුණ පිරිස් බලහත්කාරයෙන් හමුදා සේවය සඳහා බඳවා ගැනීමටත්, 2000කට වැඩි තායිවාන කාන්තාවන් ලිංගික වහලුන් බවට පත් කිරීමටත් එකල ජපාන ආක්රමණිකයින් පියවර ගත් බව පැවසූ Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තායිවාන භූමියෙන් සියයට 70ක් අත්පත් කර ගනිමින් එහි ගල් අඟුරු සහ රන් ආකර ඇතුළු ස්වාභාවික සම්පත් සූරාකෑම ද ඔවුන් සිදු කළ බවයි. මෙවැනි විනාශකාරී සිදුවීම් රැසකින් පිරි එම යුගය, තායිවාන ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය බව ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් ආක්‍රමණශීලී සිදුවීම්වලින් යුත් ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමට හෝ විකෘති කිරීමටත්, මිලිටරිවාදයේ නැගී සිටීමට ඉඩ දෙමින් ඓතිහාසික ඛේදවාචකයන් යළි ඇතිවීමටත්, අප කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.