ජපාන හිටපු උසස් නිලධාරියෙකුට චීනයෙන් ප්‍රතිපියවර

ජපාන ස්වයං ආරක්ෂක හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී IWASAKI Shigeruට එරෙහිව ප්‍රතිපියවර ගැනීමේ තීරණය චීන විදේශ අමාත්‍යාංශය අද(15)  නිකුත් කළේය.

IWASAKI Shigeru “තායිවාන බෙදුම්වාදී බලවේග” සමග විවෘතව කුමන්ත්‍රණය කරමින් එකම චීනය මූලධර්මය සහ චීනය හා ජපානය අතර දේශපාලන ලේඛන හතරේ ජීවගුණය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම මෙන්ම චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට දැඩි ලෙස හානි සිදු කර තිබේ. ‘චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතිය’ට අනුකූලව, IWASAKI Shigeruට එරෙහිව ප්‍රතිපියවර ගැනීමට තීරණය කර ඇත. 

ඒ අනුව චීනයේදී IWASAKI Shigeruට හිමි චංචල දේපළ, නිශ්චල දේපළ සහ අනෙකුත් වත්කම් තහනම් කෙරේ. චීනයේ සංවිධාන සහ පුද්ගලයින් IWASAKI Shigeru සමග කිසිඳු ගනුදෙනුවක හෝ සහයෝගිතාවක නිරත වීම තහනම් කෙරේ. IWASAKI Shigeruට වීසා ලබා නොදෙන අතර, හොංකොං සහ මැකව් ඇතුලුව චීනයට ප්‍රවේශ වීම තහනම් කර ඇත. මෙම තීරණය 2025 දෙසැම්බර් 15 වනදා සිට බලාත්මක වේ.