ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීන ජාතික මහා පුනර්ජීවනයේ පොදු ප්‍රවණතාව කිසිදා වෙනස් නොවන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීන ජාතික මහා පුනර්ජීවනයේ පොදු ප්‍රවණතාව කිසිදා වෙනස් නොවන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන Kuomintang පක්ෂ සභාපති  Cheng Li-wun මහත්මිය හමුවෙයි. ඒ අද(10) පෙරවරුවේ බෙයිජිංහිදීය.

චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාව හා ස්වදේශිකයන් චීන ජාතියට අයත් වන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. තායිවාන ස්වදේශිකයන් ඇතුළු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව එක්ව එක්සත් බහුවාර්ගික රටක් වන චීනය නිර්මාණය කර ඇත. ඔවුහු තේජාන්විත චීන ඉතිහාසය, විශිෂ්ට චීන ශිෂ්ටාචාරයක් මෙන්ම ශ්‍රේෂ්ඨ ජාතික අනන්‍යතාවක් පොදුවේ නිර්මාණය කළ බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එමගින් දේශ භූමිය කිසිවිටෙක නොබෙදිය හැකිවීම, අර්බුද ඇති නොවීම, සිය ශිෂ්ටාචාරයට බාධා නොකිරීම යන පොදු විශ්වාසය නිර්මාණය වනු ඇතැයිද හෙතෙම පැවසීය. 

ජාත්‍යන්තර තත්ත්වය හෝ තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන ජාතියේ මහා පුනර්ජීවනයේ පොදු ප්‍රවණතාව කිසිදා වෙනස් නොවේ. චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාව හා ස්වදේශිකයන් සමීප වී එකට එකතු වීමේ පොදු ප්‍රවණතාවය ද වෙනස් නොවනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය. “1992 සම්මුතිය” අනුගමනය කරමින් “තායිවාන ස්වාධීනත්ව”විරෝධී පොදු දේශපාලන පදනම මත තායිවාන සමුද්‍ර සන්ධි දෙපස Kuomintang පක්ෂය ඇතුළු ඒ ඒ පක්ෂ හා ක්ෂේත්‍රවල හුවමාරු ශක්තිමත් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය කැමැත්තෙන් සිටී. චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය වෙනුවෙන් සමස්ත ජනතාවගේ සුබසාධනය ප්‍රවර්ධනය කොට ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කර තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාවේ අනාගතය ස්ථිර ලෙස චීන ජාතිකයන්ගේ දෑත මත රැඳී තිබිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. 

මේ සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා උපදෙස් හතරක් ඉදිරිපත් කර ඇත. ඉන් පළමුවැන්න, චීන ජාතිය කෙරෙහි නිවැරදි අවබෝධය ස්ථිර ලෙස අනුගමනය කිරීමෙන් අධ්‍යාත්මික සමගිය ප්‍රවර්ධනය කළ යුතුය යන්නයි. Kuomintang පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය, මෙන්ම තායිවාන් සමුද්‍ර සන්ධියේ දෙපස ජනතාව හා ස්වදේශිකයන්, චීන ජාතික ස්ථාවරය ස්ථිරව ආරක්ෂා කළ යුතු අතර චීන සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කළ යුතුය. එමෙන්ම චීන ජාතිය, චීන සංස්කෘතිය සහ ශ්‍රේෂ්ඨ මව්රට සතු අනන්‍යතාවය ශක්තිමත් කළ යුතුය.

දෙවනුව, සාමකාමී සංවර්ධනය මගින් පොදු නිවහන ආරක්ෂා කළ යුතු ය. පොදු නිජබිම ආරක්ෂා කිරීම සඳහා සාමකාමී සංවර්ධනය තහවුරු කළ යුතුය. Kuomintang පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම ජනතාව හා ස්වදේශිකයන්, ජාතික අනන්‍යතාව තහවුරු කරමින් “තායිවාන ස්වාධීනත්ව” බෙදුම්වාදයට සහ බාහිර මැදිහත්වීම්වලට විරුද්ධ විය යුතු අතර තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතා සාමකාමීව සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කර චීන ජාතියේ පොදු නිවහන ආරක්ෂා කළ යුතුය.

තෙවනුව ජනතාවගේ ජීවන ප්‍රතිලාභ වැඩිදියුණු කිරීම සඳහා සබඳතා තහවුරු කළ යුතුය. අවසන් කරුණ ලෙස හෙතෙම පෙන්වා දුන්නේ චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා සාමුහිකව උත්සාහ දැරිය යුතුය යන්නයි. ඒ සඳහා Kuomintang පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ගත යුතු ය. තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස ජනතාව හා ස්වදේශිකයන් එක්සත් කරමින් පක්ෂ දෙක මව් රටේ එක්සත්භාවය හා ජාතික පුනර්ජීවනය සහිත සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. 

තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස ජනතාව හා ස්වදේශිකයන් චීන ජාතියට අයත් වන බවත් චීන සංස්කෘතියෙන් පෝෂණය ලබන එකම පවුලක සාමාජිකයන් බවත් චීන Kuomintang පක්ෂ සභාපති  Cheng Li-wun මහත්මිය එහිදී ප්‍රකාශ කළාය. Sun Yat-sen මහතා ඉදිරිපත් කළ චීන ජාතික පුනර්ජීවනය යන මෙහෙයුම එක්ව ඉදිරියට ගෙන යා යුතුය. එමෙන්ම “1992 සම්මුතිය” අනුගමනය කරමින් “තායිවාන ස්වාධීනත්ව”විරෝධී පොදු දේශපාලන පදනම මත පක්ෂ දෙක දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර හුවමාරු වේදිකාවේ කාර්යභාරය මනාව ඉටු කළ යුතු  බවද ඇය සඳහන් කළාය. චීන ඉතිහාසය සුරක්ෂිත කරමින් චීන ශිෂ්ටාචාරය ප්‍රචාරය කර තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාව, බිම් මට්ටම, ආර්ථික වෙළඳාම , සංස්කෘතිය යන ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කර ගත යුතුය. ඒ සඳහා පක්ෂ දෙක තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාවේ සුන්දර අනාගතයක් නිර්මාණය කර චීන ජාතියේ පුනර්ජීවනය සාක්ෂාත් කර ගත යුතු බවද චීන Kuomintang පක්ෂ සභාපති  Cheng Li-wun මහත්මිය කියාසිටියාය.