ජාත්‍යන්තර සමථ මණ්ඩලය චීන හොංකොං විශේ ෂ පරිපාලන කලාපයේ පිහිටුවීමට එකඟතාව

ජාත්‍යන්තර සමථ මණ්ඩල සම්මුතියට අත්සන් තැබීමේ උත්සවය චීනයේ හොංකොං හිදී පැවැත්වේ. අද (30) පෙරවරුවේ පැවති එම උත්සවය සඳහා ආසියා, අප්‍රිකා, ලතින්-ඇමරිකා හා යුරෝපා රටවල් 60ක සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් සංවිධාන 20ක පමණ ඉහළ පෙළේ නියෝජිතවරු, ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝ හා විශේෂඥයෝ එක්වූහ. චීන විදේශ ඇමති වං යී මහතා ද එම අවස්ථාවට සහභාගි විය.

ජාත්‍යන්තර සමථ මණ්ඩලය පිහිටුවීම සඳහා 2022 වසරේ චීනය ඇතුළු රටවල් 20ක් යෝජනා ඉදිරිපත් කර තිබිණ. මේ වන විට ජාත්‍යන්තර සමථ මණ්ඩල සම්මුතිය පිළිබඳ සාකච්ඡා අවසන් කර තිබේ. ජාත්‍යන්තර සමථ මණ්ඩලයේ මූලස්ථානය චීනයේ හොංකොං හිදී ස්ථාපිත කිරීමට සියලු පාර්ශ්ව එකඟතාව පළ කර ඇත.

ජාත්‍යන්තර සමථ මණ්ඩලය, සමථකරණය මගින් ජාත්‍යන්තර ආරවුල් නිරාකරණය කිරීමේ ලොව පළමු අන්තර් රාජ්‍ය නීතිමය සංවිධානයයි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සුරැකීමේ වැදගත් යාන්ත්‍රණයක් ද වේ.