ජී7 කණ්ඩායමේ ඒකාබද්ධ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය

ජී7 කණ්ඩායම චීන ස්වෛරීත්වයට හානි කිරීම සහ චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කෙරෙහිව චීනය දැඩි විරෝධය පළ කරයි. 

ජී7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ඒකාබද්ධ ප්‍රකාශයක් පළ කර ඇත. එම ප්‍රකාශයට අනුව රුසියාවේ ආරක්ෂක අංශ සඳහා සහාය දීම නතර කරන ලෙස චීනයෙන් ඉල්ලා ඇති අතර, ඊනියා චීනය පිළිබඳ “අතිරේක නිෂ්පාදන ධාරිතාව” උද්දීපනය කරයි. එමෙන්ම, එහිදී නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, චීනයේ තායිවාන ප්‍රදේශය, ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය, ටිබෙට් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් අනිසි ප්‍රකාශ පළ කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී දැඩි විරෝධය පළ කළාය. 

යුක්‍රේන අර්බුදය කෙරෙහි චීනය සැමවිටම සාධාරණ ස්ථාවරයක සිටින අතර, සංවාදය හා සාමය සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය. අදාළ ගැටළුවට සම්බන්ධ කිසිම පාර්ශ්වයකට චීනය අවි සපයා නොමැති අතර, සිවිල් වැසියන් භාවිත කරන ඩ්‍රෝන අපනයන ඇතුළු සිවිල් මෙන්ම හමුදා භාණ්ඩ අපනයනය දැඩි වශයෙන් පාලනය කර ඇත. සිවිල් ඩ්‍රෝන අවිකරණයට ද චීනය විරුද්ධ වෙයි. කෙසේ වුවද චීනය සහ රුසියාව අතර සාමාන්‍ය පරිදි සිදු වන ආර්ථික වෙළඳ සබඳතාවට තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් නොවිය යුතු බව ද ඇය පැවසුවාය. 

චීනය පිළිබඳ “අතිරේක නිෂ්පාදන ධාරිතාව” අසත්‍යක් බවට නිවැරදි දත්ත විශාල ප්‍රමාණයකින් සනාථ කර ඇත. අදාළ රටවල් සිය විවෘතභාවය හා සාධාරණ තරඟය අනුගමනය කළ යුතු බව ඇය කියා සිටියාය. 

එම ඒකාබද්ධ ප්‍රකාශයේදී සඳහන් කෙරෙන නැගෙනහිර චීන මුහුදඇතුළු ප්‍ර‍දේශ පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ස්ථීර හා පැහැදිළි වන අතර, ජී7 කණ්ඩායමේ එවැනි අනිසි ක්‍රියාවන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.