ජුනි මාසය දක්වා චීනයේ සමස්ත බැංකු වත්කම් යුවාන් ට්‍රිලියන 470 කට ආසන්න වෙයි

14 වන පස් අවුරුදු සැලැස්ම කාලය තුළ චීනයේ මූල්‍ය කර්මාන්තය නව ප්‍රධාන ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව චීන මහජන බැංකුවේ අධිපති Pan Gongsheng මහතා පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ ඊයේ (22) පවත්වන ලද “14 වන පස් අවුරුදු සැලැස්මේ උසස් තත්ත්වයේ සම්පූර්ණ කිරීම” පිළිබඳ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙම වසරේ ජුනි මාසය අවසන් වන විට, චීනයේ බැංකු කර්මාන්තයේ මුළු වත්කම් ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 470කට ආසන්න වන අතර එය ලොව පළමු ස්ථානයට පත්ව ඇත. චීනයේ කොටස් සහ බැඳුම්කර වෙළඳපොළවල ප්‍රමාණය ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇති අතර විදේශ විනිමය සංචිත වසර 20ක් පුරා ලෝකයේ පළමු ස්ථානයේ පසුවේ.

චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ විදේශ විනිමය රාජ්‍ය පරිපාලන අධ්‍යක්ෂ Zhu Hexin මහතා එහිදී පෙන්වා දුන්නේ 14 වන පස් අවුරුදු සැලැස්මේ සිට, චීනයේ විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3කට වඩා ඉහළ අගයකින් ස්ථාවරව පවතින බවත්, පසුගිය වසර දෙක තුළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.2ක් ඉක්මවා ගොස් ඇති බවත් ය.