ජූලි මස ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය තරමක් පහළ මට්ටමක

ඉකුත් ජූලි මස ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 49.3% ක් වූ අතර ජුනි මාසයට සාපේක්ෂව 0.2%ක අඩුවීමක් පෙන්නුම් කෙරේ. 

චීන භාණ්ඩ සැපයුම් හා මිලදී ගැනීමේ සම්මේලනය අද(06) නිකුත් කළ දත්තවල මේ බව දැක්වෙයි. ගෝලීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රකෘති ප්‍රබලතාව පසුගිය මාසයට වඩා පහළ මට්ටමක පවතින බව ද එහි සඳහන් ය.

එම දත්තයන්ට අනුව, ජූලි මාසයේ ආසියාවේ නිෂ්පාදන කර්මාන්තයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 50.5%ක් වූ අතර, ජුනි මාසය හා සැසඳීමේ දී 0.2%ක අඩුවීමක් ද දක්නට ලැබේ. කෙසේ වෙතත්, එම දර්ශකය පසුගිය මාස 3 තුළ අඛණ්ඩ ව 50%ක අගයට වඩා ඉහළ මට්ටමක පවතින අතර ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා වන ප්‍රධාන සවිබලයක් බවට ආසියාව අඛණ්ඩ ව පත් වීම විශේෂත්වයකි.