ටැන්සානියානු නව ජනපතිනියට චීන ජනපතිගෙන් සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ටැන්සානියානු නව ජනාධිපති Samia Suluhu Hassan මහත්මිය වෙත සිය සුබ පැතුම් පිරිනමයි. එම පණිවිඩය අද (06) යොමු කර ඇත.

චීනය හා ටැන්සානියාව අතර ඇත්තේ ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයකි. මෑත වසර කිහිපය තුළ දෙරට අතර සබඳතා ඉහළ මට්ටමක සංවර්ධනය වෙමින් පවතී. දෙපාර්ශ්වයේ කේන්ද්‍රීය ජයග්‍රහණ හා අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කෙරෙහි දෙරට අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දෙමින් ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ ප්‍රායෝගික සහයෝගිතාවන් හි සාර්ථක ජයග්‍රහණ ලබා ගත් බවද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

තවද, චීන-ටැන්සානියා සබඳතාව වැදගත් කොට සලකා Samia Suluhu Hassan මහත්මිය සමඟ එක්ව චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං නායක සමුළුවේ ජයග්‍රහණ ක්‍රියාත්මක කිරීමට ෂී ජින් පිං මහතා කැමැත්තෙන් සිටින බව ද දන්වා තිබේ. එමෙන්ම, දෙරටේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව අඛණ්ඩව නව අදියරකට ගෙන යමින්, නව යුගයේ අංගසම්පූර්ණ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාව ගොඩනැගීම සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවද ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.