ලෝක සෞඛ්‍ය සමුළුව තායිවාන ප්‍රදේශය සම්බන්ධ යෝජනා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.
“තායිවානයට නිරීක්ෂකයකු ලෙස ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ආරාධනා කිරීම” සම්බන්ධයෙන් ඇතැම් රටවල් ඉදිරිපත් කළ යෝජනා, 78 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව අද (19) පැහැදිලිවම ප්‍රතික්ෂේප කළේය. එවැනි යෝජනා ලෝක සෞඛ්‍ය සමුළුව අඛණ්ඩව ප්‍රතික්ෂේප කළ නව වැනි වසර මෙය බව වාර්තා වේ.
ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර ප්‍රජාව එකම චීනය මූලධර්මය අනුගමනය කිරීමේ අධිෂ්ඨානය සෙලවිය නොහැකි බව ඉන් මනාව පෙන්නුම් කෙරෙන බවය. තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂයේ බලධාරීන් කුමක් කීවද කළද, ඊට තායිවාන සමුද්‍ර සන්ධිය දෙපසම එක චීනයකට අයත් වීමේ සහ තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් වීමේ සත්‍ය වෙනස් කළ නොහැකිය. චීනය අවසානයේ නිසැකවම එක්සත් වීමේ ඓතිහාසික ප්‍රවණතාව ඉන් නැවැත්විය නොහැකි බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.