“තායිවාන ස්වාධීනත්වය” සාක්ෂාත් කර ගැනීමට උත්සහා කිරීමෙන් අදහස් වන්නේ චීනයේ භූමි ප්‍රදේශය බෙදීමට උත්සහා දැරීමකි. එමෙන්ම එයට සහාය දැක්වීම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන අනවශ්‍ය මැදිහත්වීමක් වන අතර, එය චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝනය කිරීමක් බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.
Wang Yi මහතා මේ බව ප්‍රකාශ කළේ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul මහතා සමග බෙයිජිංහිදී පැවති සාකච්ඡාවකදීය. එහිදී හෙතෙම තායිවාන ප්‍රශ්නයට අදාළ ඓතිහාසික යථාර්ථයන් සහ නීතිමය පදනම පැහැදිලි කළේය. තායිවානය පුරාතන කාලයේ සිටම චීනයේ කොටසක් බව ඔහු අවධාරණය කළේය.
1943 වසරේදී නිකුත් කළ කයිරෝ ප්‍රකාශනයෙන් ජපානය චීනයෙන් සොරා ගත් තායිවානය වැනි සියලුම ප්‍රදේශ චීනයට යළි ලබා දිය යුතු බව අවධාරණය කෙරිණ. එමෙන්ම 1945 දී චීනය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමය එක්ව ඉදිරිපත් කළ පොට්ස්ඩෑම් ප්‍රකාශනයේ 8 වන වගන්තියෙන් කයිරෝ ප්‍රකාශනයේ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට සනාථ කර ඇතැයි Wang Yi මහතා සඳහන් කළේය.
1945 අගෝස්තු 15 වනදා ජපානය කිසිදු කොන්දේසියකින් තොරව යටත් වූ අතර, ජපන් අධිරාජ්‍යයා පොට්ස්ඩෑම් ප්‍රකාශනයේ විධිවිධාන ඉටු කිරීමට එකඟ විය. එම වසරේම ඔක්තෝම්බර් 25 වන දින, චීන රජය නිවේදනය කළේ තායිවානයට අයත් ස්වෛරී බලතල යළි ක්‍රියාත්මක කරන බවය. ඒ සමග තායිපේහිදී ජපානයේ යටත් වීම පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්විණ.
1949 දී චීන මහජන සමූහාණ්ඩුව(PRC) අනුප්‍රාප්තික රාජ්‍යය බවට පත් වූ අතර, මධ්‍යම රජය සමස්ත චීනයේම එකම නීත්‍යනුකූල රජය බවට පත් විය. එහි ස්වාභාවික ප්‍රතිඵලයක් ලෙස චීන මහජන සමූහාණ්ඩුවේ රජයට තායිවානය ඇතුළු එහි සියලු භූමි ප්‍රදේශවල ස්වෛරීභාවය හිමි වූ බව ඔහු පෙන්වා දුන්නේය. 1971 ඔක්තෝම්බර් මස පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී 2758 යෝජනාව අනුමත කළ අතර එමගින් චීන මහජන සමූහාණ්ඩුවට සියලු අයිතිවාසිකම් යළි ලබා දීමට සහ තායිවාන බලධාරීන්ගේ “නියෝජිතයන්” එක්සත් ජාතීන්ගේ ස්ථානයෙන් වහාම නෙරපා හැරීමට එකඟ විය. එනම් එක්සත් ජාතීන්ගේ නිල අදහස වන්නේ තායිවානය චීනයට අයත් පළාතක් බවයි.
මේ අතර 1972 චීන-ජපාන ඒකාබද්ධ ප්‍රකාශනයෙන් ද චීන මහජන සමූහාණ්ඩුවේ රජය චීනයේ එකම නීත්‍යනුකූල රජය බවට ජපානය පිළිගෙන ඇත. එමෙන්ම 1978 චීන-ජපාන සාම හා මිත්‍රත්ව ගිවිසුම මගින් ද තහවුරු කරන්නේ චීන-ජපාන ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් කර ඇති ප්‍රතිපත්ති කොන්දේසි විරහිතව අනුගමනය කළ යුතු බවය.
මෙම ශක්තිමත් ඓතිහාසික නීත්‍යනුකූල කරුණු මත තායිවාන ප්‍රදේශය චීන භූමියේ කොටසක් බව කිසිදා වෙනස් කළ නොහැකි සත්‍යක් බව චීන විදේශ අමාත්‍යවරයා පැවසීය. නමුත් ජපානයේ වත්මන් නායිකාව එරට විසින් අඩ සියවසක කාලයක් යටත්විජිතයක් බවට පත් කර ගත් භූමියේ අරගලයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් චීනයට යුද තර්ජන එල්ල කිරීමට උත්සාහ කර ඇත. මෙවැනි හැසිරීම් කිසිසේත් පිළිගත නොහැකි බව Wang Yi මහතා වැඩිදුරටත් අවධාරණය කරසිටියේය.