තීරුබදු ඉහළ නැංවීමේ ඇමරිකාවේ තර්ජනය පිළිබඳ චීනය ප්‍රතිචාර දක්වයි

චීනයට එරෙහි තීරුබදු ඉහළ නැංවීමේ ඇමරිකාවේ තර්ජනයට දැඩි විරෝධය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා අද(8) පැවසීය.

චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බව ඇමරිකාව ඊයේ(07) තර්ජනය කළේ ය. ඊට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත්, තීරුබදු නැංවීම  ක්‍රියාත්මක කළහොත් සිය අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට චීනය ප්‍රති-පියවර ගනු ඇති බවත් ඔහු පැවසීය.

චීනය මත ඇමරිකාව ඊනියා “අන්‍යෝන්‍ය අතිරේක තීරුබදු” පැනවීම පදනම් විරහිත බවත්, එය  ඒකපාර්ශ්වික හිරිහැර කිරීමේ ක්‍රියාවක් බවත් ඔහුගේ අදහස විය. චීනය ගෙන ඇති ප්‍රති-පියවරයන් සිය ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම අරමුණු කර ගත් පියවරයන් බව ද හෙතෙම සඳහන් කර ඇත.