තිරසර සංවර්ධනය පිළිබඳ 2025 එක්සත් ජාතීන්ගේ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයේ අමාත්‍ය රැස්වීම පසුගියදා එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේදී ඇරඹිණ.
තීරුබදු වැඩි කිරීම වැනි ඒකපාර්ශ්වික ආරක්ෂණවාදී පියවර හේතුවෙන් තිරසර සංවර්ධන ඉලක්කවල ජයග්‍රහණ අඩපණ කෙරේ. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට පුළුල් ආර්ථික හා සමාජීය සංවර්ධනයක් අත්කර ගැනීමට බාධා කරන සියලුම ඒකපාර්ශ්වික බලහත්කාර පියවර අහෝසි කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ “ගෝලීය සංවර්ධන මුලපිරුමේ මිතුරන්ගේ කණ්ඩායමේ” සාමාජික රටවල් 83ක් නියෝජනය කරමිනි.
2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ බරපතල පසුගාමී බවක් පෙන්නුම් කරන අතර, මූල්‍ය පරතරය ද පුළුල් වෙමින් පවතින බව Fu Cong මහතා කියා සිටියේය. ඒකපාර්ශ්විකත්වයේ සහ ආරක්ෂණවාදයේ නැගීම බහුපාර්ශ්වික සහයෝගීතාවයට බරපතල තර්ජනයකි. ජාත්‍යන්තර ප්‍රජාව බහුපාර්ශ්විකත්වය හා සහයෝගීතාවය තහවුරු කරමින් ගෝලීය ආර්ථික පාලන පද්ධතිය වැඩිදියුණු කළ යුතු අතර, 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව විධිමත් ව පවත්වා ගෙන යාමට උත්සාහ කළ යුතු බව ඔහු සඳහන් කර ඇත.