තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද (24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
චීනය සහ ඇමරිකාව මේ සම්බන්ධයෙන් මෑතක සිට සාකච්ඡා කරමින් සිටී. එහිදී දෙරට අතර එකඟතාවකට පවා පැමිණිය හැකි බවට ඇමරිකාවෙන් අඛණ්ඩව වාර්තා වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැහැදිලි කර ඇත.
එමෙන්ම අදාළ වාර්තා ව්යජව්යාජ පුවත් බව හෙතෙම ප්‍රකාශ කළේය. චීනය හා ඇමරිකාව තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා නොමැති අතර එකඟතාවකට ද පැමිණ නොමැති බව හෙතෙම තහවුරු කළේය. මෙවර තීරුබදු යුද්ධය දියත් කරන්නේ ඇමරිකාව විසිනි. තීරුබදු යුද්ධය කෙරෙහි චීනයේ ස්ථාවරය ඉතා පැහැදිලිය. ඒ, සටන් කිරීමට අවශ්‍ය නම්, චීනය කිසි විටෙකත් පසු නොබසින බව සහ සාකච්ඡා සඳහා එකඟ වන්නේ නම්, චීනය සිය දොරටු විවෘත කරනු ඇති බවය. එහෙත් සාධාරණත්වය, ගෞරවය මෙන්ම අන්‍යෝන්‍ය ජයග්‍රහණ මත පමණක් අදාළ සංවාද හා සාකච්ඡා පැවැත්විය යුතු බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසීය.