තෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය අද (16) චීනයේ බෙයිජිං හිදී ආරම්භ විය. ලොව පුරා රටවල්,කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 100කට අධික සංඛ්‍යාවකින් දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය ඇතුළු විවිධ ක්ෂේත්රවලින් නියෝජිතයින් 1,100 ඉක්මවූ පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගී වූහ. මෙවර ප්‍රදර්ශනය චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව විසින් සත්කාරකත්වය දරනු ලබන අතර එය ජූලි මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එහි තේමාව වන්නේ “ලෝකය හා සම්බන්ධව අනාගතය එක්ව නිර්මාණය කිරීම” යන්නයි.
උසස් නිෂ්පාදනය, සුහුරු මෝටර් රථ, හරිත කෘෂිකර්මාන්තය, පිරිසිදු බලශක්තිය, ඩිජිටල් තාක්ෂණය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතය යන ප්‍රධාන තේමාවන්ට අදාළ ප්‍රදර්ශන කුටි මෙන්ම එහි සැපයුම් දාම සේවා ප්‍රදර්ශන කලාපයක් ද මෙවර ප්‍රදර්ශනයේ ස්ථාපිත කර තිබේ. රටවල් සහ කලාප පහකින්, සමාගම් සහ ආයතන 651 ක් ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, එක් එක් සැපයුම් දාමයන් හි ඉහළ,මධ්‍යම සහ පහළ යන ප්‍රධාන සබැඳිවල නව තාක්ෂණයන්, නව නිෂ්පාදන සහ නව සේවාවන් මෙහිදී ප්‍රදර්ශනය කර ඇත. ඔවුන් අතරින් විදේශීය ප්‍රදර්ශකයන්ගේ අනුපාතය 35% දක්වා ළඟා වී ඇත.