චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දකුණු කොරියාවේ නව ජනාධිපති ලී ජේ මියුන් මහතාට සුබ පැතුම් පිරිනමයි. එම සුබ පැතුම් පණිවිඩය අද(04) යොමු කර ඇත.
චීනය හා දකුණු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගෙවුණු වසර 33ක් තුළ, මතවාදී හා සමාජීය ක්‍රමවේදය අතින් පවතින වෙනස්කම් මගහරවා දෙරට සබඳතා විධිමත් හා නිසි අයුරින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා සිය සුබ පැතුමේ සඳහන් කරයි. මෙමගින් දෙරට ජනතාවගේ සුබසිද්ධිය තහවුරු වී ඇති අතර, කලාපීය සාමය, ස්ථායිතාව, සංවර්ධනය හා සෞභාග්‍යය සහතික කිරීමට විශේෂ දායකත්වයක් ද ලබා දී ඇත.
චීන-දකුණු කොරියානු සබඳතාවට ඉහළ වැදගත්කමක් ලබා දෙන බව පවසන ෂී ජින්පිං මහතා ගෝලීය වශයෙන් හා කලාපය තුළ චීනය හා දකුණු කොරියාව වැදගත් රටවල් දෙකක් බව කියා සිටියේය. දකුණු කොරියාව සමග එක්ව, රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ මුල් අභිලාෂයට අනුගත වෙමින් මිත්‍රශීලි දිශානතිය කරා පොදු-ජයග්‍රාහී අරමුණෙන් දෙරට උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කළේය.