‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සමුළුව එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි මූලස්ථානයේ දී ඊයේ (29) පැවැත්විණ. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පුළුල්, යුක්තිසහගත සහ කල් පවත්නා සාමයක් ප්‍රවර්ධනය කරමින් ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාම සඳහා, ප්‍රායෝගිකව ක්‍රියා කරන ලෙස මැද පෙරදිග ප්‍රශ්නය පිළිබඳ චීන විශේෂ නියෝජිත Zhai Jun මහතා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
මානුෂීය අර්බුද සමනය කරමින් ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා යථාර්ථවාදී කොන්දේසි නිර්මාණය කිරීම සඳහා, ගාසා තීරයේ සම්පූර්ණ සටන් විරාමයකට කඩිනමින් දැඩි පියවර ගත යුතු බව චීනය ප්‍රකාශ කළේය. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පාලනය ඉදිරියට ගෙන යාමේදී “පලස්තීන ජාතිකයන් විසින් පලස්තීනය පාලනය කිරීම” යන මූලධර්මයෙහි දැඩි ලෙස එල්බ සිටිය යුතුය. පලස්තීනය සහ ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල ආරක්ෂාව අන්‍යෝන්‍ය වශයෙන් රඳා පවතින්නකි. ඒකපාර්ශ්වික ආරක්ෂාවෙන් සාමයට ප්‍රවේශයක් නොදෙන අතර පොදු ආරක්ෂාවෙන් පමණක් තිරසර සාමයක් උදා කරලිය හැකි බව චීන නියෝජිතයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.