ධීවරයින් බේරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයට එරෙහි පිලිපීනයේ අපහාසාත්මක ප්‍රකාශ කෙරෙහි චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය විරෝධය පළ කරයි.
චීන නාවික හමුදාව මෑතකදී දකුණු චීන මුහුදු ප්‍රදේශයේදී පිලිපීන ධීවරයින් බේරා ගත් බව වාර්තා වේ. පිලිපීන නාවික හමුදාව චීනයේ පියවර “දේශපාලන ප්‍රචාරණයක්” යැයි චෝදනා එල්ල කර ඇත. ඒ පිළිබඳව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Zhang Xiaogang මහතා අද(8) පෙරවරුවේ වාර්තාකරුවෙකුගේ විමසීමකට පිළිතුරු දෙමින් චීනයේ ප්‍රතිචාරය දැක්වීය.
චීන නාවික හමුදාව නීත්‍යනුකූලව සාමාන්‍ය මුර සංචාරයක යෙදී සිටියදී අනතුරට පත් පිලිපීන ධීවරයින් බේරා ගැනීම සම්බන්ධයෙන් බොහෝ පිලිපීන ජනතාවගේ කෘතඥතාව සහ ප්‍රශංසාව හිමි වූ බව ඔහු පෙන්වා දුන්නේය. නමුත් පිලිපීනයේ ඇතැම් කණ්ඩායම් සිය රටේ ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ආරක්ෂාව නොසලකා, ධීවරයන් මෙවලම් ලෙස යොදා ගනිමින් චීනයට අපහාස කිරීමට උත්සාහ කරයි. එම උත්සාහය අතිශයින්ම වංචනික සහ අමානුෂික බව ඔහු කියාසිටියේය.
චීනය සිය භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කරන අතර, කලාපීය රටවල් සමග දකුණු චීන මුහුද සාමයේ, මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ සුවිශේෂ ස්ථානයක් ලෙසට සංවර්ධනය කිරීමට කැපවී සිටින බව ද Zhang Xiaogang මහතා අවධාරණය කර ඇත.