‘නවෝත්පාදනය, විවෘතභාවය සහ පොදු සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාදය සන්තියාගෝ හිදී

චීන මාධ්‍ය සමූහය සහ චිලී හි සන්තියාගෝ විශ්වවිද්‍යාලය සම-සත්කාරත්වයෙන් සංවිධාන කළ ‘නවෝත්පාදනය, විවෘතභාවය සහ පොදු සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාදයේ චිලී රාජ්‍යයේ වැඩසටහන සන්තියාගෝ හිදී පසුගිය 28 වැනිදා පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ චිලී හි හිටපු ජනාධිපති Eduardo Frei Ruiz මහතා ඒ සඳහා වීඩියෝ ආකාරයෙන් දේශන සිදු කළහ.

මේ අතර චිලී හි චීන තානාපති Niu Qingbao මහතා, සන්තියාගෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති Raúl Berrios මහතා ඇතුළු ආරාධිතයෝ ද එහිදී දේශන පැවැත්වූහ.

චීනයේ සහ චිලී හි ආර්ථික හා ශාස්ත්‍රීය විශේෂඥයන් මෙන්ම එරට තරුණ හා ශිෂ්‍ය නියෝජිතයින් ඇතුළු ආරාධිතයෝ 100 කට ආසන්න සංඛ්‍යාවක්, තාක්ෂණික ස්වයං විශ්වාසය හරහා ගෝලීය නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට චීනය දරන උත්සාහයන්, ඉහළ මට්ටමේ විවෘතභාවයක් හරහා ලෝකය සමඟ සංවර්ධන අවස්ථා බෙදා ගැනීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා ජයග්‍රාහී සහයෝගීතාවය හරහා පොදු සමෘද්ධිය අත්කර ගැනීම වැනි මාතෘකා පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත්හ.