නව කැනඩා අගමැති ට චීන අගමැතිගෙන් සුබ පැතුම්

චීන අගමැති Li Qiang මහතා, කැනඩාවේ අගමැති ධුරයට පත් Mark Carney මහතාට ඊයේ(13) සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේය.

චීනය කැනඩාව සමග පවතින සබඳතාවයට ඉහළ වැදගත්කමක් ලබා දෙන බව හෙතෙම එහි සඳහන් කර ඇත. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය සහ චීන-කැනඩා හවුල්කාරිත්වයේ 20 වැනි සංවත්සරය යෙදෙන මොහොතේ Mark Carney මහතා සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්, දෙරටට සහ දෙරට ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීමට, චීන-කැනඩා සබඳතා, නිවැරදි දිශාවට යොමු කරමින් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මෙය අවස්ථාවක් ලෙස ගත යුතුය. ඒ සඳහා කැනඩාව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන අගමැතිවරයා සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.