නව ජවයකින් චීන වෙළඳපොල දෙස බලන විදේශ ආයෝජකයන්

වසර 2024 අග වන විට, විදේශ ආයෝජන සහිත චීනයේ ක්‍රියාත්මක ව්‍යවසායයන් සංඛ්‍යාව මිලියන 1.239 ක් ඉක්මවා ගොස් ඇති අතර සැබෑ ලෙස යුවාන් ට්‍රිලියන 20.6 ක විදේශ ආයෝජනය  භාවිත කර තිබේ. චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පිළිබඳ සාක්ෂිකරුවන්, දායකයින් සහ ප්‍රතිලාභීන් ලෙස, විදේශ ආයෝජන සහිත ව්‍යවසායන් දිගු කලක් පුරා චීනයේ ආර්ථික සංවර්ධනය සමඟ ගැඹුරින් ඒකාබද්ධ වී සිටින බව කිව හැකිය.

නව වසරේ, බාහිර පරිසරය තුළ නැගී එන ඒකපාර්ශ්වවාදය සහ ආරක්ෂණවාදය හමුවේ, චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයක් සහතික කරන්නේ කෙසේද? චීන රජය කෙබඳු ප්‍රතිපත්තිමය ප්‍රතිලාභී පැකේජයක් සූදානම් කර ඇත්ද?

“බාහිර ලෝකයට ඉහළ මට්ටමේ විවෘත කිරීම් ක්‍රියාත්මක කිරීම සහ විදේශ වෙළඳාම සහ විදේශ ආයෝජන ක්‍රියාකාරීව ස්ථාවර කිරීම”2025 වසරේ දී චීන රජයේ ප්‍රධාන කාර්යයන් දහයෙන් එකක් ලෙස මෙම වසරේ චීනයේ රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. විදුලි සංදේශ, වෛද්‍ය සේවා, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍රවල විවෘත කිරීම් අත්හදා බැලීම තවදුරටත් ව්‍යාප්ත කිරීම, නැවත ආයෝජනය පුළුල් කිරීමට විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම, ක්ෂේත්‍ර රැසක විදේශීය ආයෝජන ව්‍යවසායන්ගේ ජාතික මට්ටමේ සැලකීම සහතික කිරීම, ‘වෙළඳපලකරණ, නීත්‍යනුකූලකරණ සහ ජාත්‍යන්තරකරණ’ ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පරිසරය නිර්මාණය කිරීම යනාදී ප්‍රතිපත්ති එම වාර්තාවේ දක්වා ඇත. ඒවායෙන් ඉතා පැහැදිලි සංඥාවක් යළිත් නිකුත් කෙරිණ. එනම් විවෘත කිරීම සඳහා චීනයේ ද්වාරය වඩ වඩාත් පුළුල් වනු ඇති අතර විදේශ ආයෝජන සඳහා වඩාත් වැඩි වෙළඳපල අවස්ථා ලබාදීමට චීනය සූදානම් ව සිටියි.

“නවීනත්වය” යන්න, මෑත වසරවල චීනයේ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී ලක්ෂණයකි. එය චීන ‘භූමියේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් ගැඹුරට පුළුල් කිරීමට අපේක්ෂා කරන විදේශ ආයෝජන සඳහා නව ජවයක් ද ලබා දී ඇත.  මෙම වසරේ ‘සැසිවාර දෙකේ’දී චීන උත්තරිතර නායකයා අවධාරණය කළේ “තාක්ෂණික නවෝත්පාදනයන් සහ කාර්මික නවෝත්පාදනයන් නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමේ මූලික මාර්ග” බවයි. මෙය චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන් අතර පුළුල් අනුනාදයක් ඇති කර තිබේ. නව සංවර්ධන අංශ ගවේෂණය කරමින් සිය තරඟකාරිත්වය වැඩි දියුණු කර ගැනීමට ඔවුහු උනන්දුවෙන් සිටිති.

විදේශ ප්‍රාග්ධනයන් ඒකමතිකව චීනය තෝරා ගැනීමේ හේතු පැහැදිලිය: අතිවිශාල වෙළඳපල, සම්පූර්ණ හා කාර්යක්ෂම නිෂ්පාදන සහ සැපයුම් දාම පද්ධතිය, අඛණ්ඩව ප්‍රශස්ත නවෝත්පාදන පරිසරය, ප්‍රමාණවත් උසස් තත්ත්වයේ කුසලතා සහිත මානව සම්පතක් සහ නිරන්තරයෙන් ඉහළ යන පාරිභෝගික ඉල්ලුම … ලෝකය දෙස බලන විට, මෙවැනි වාසි ඇති රටක් තව තිබේද ?‍