නව යුගයේ අවි පාලනය මූලික කරමින් චීනය ධවල පත්‍රිකාවක් නිකුත් කිරීම අර්ථාන්විත ක්‍රියාවකි

චීනය “නව යුගයේ අවි පාලනය, නිරායුධකරණ සහ අවි ව්‍යාප්තිය වැළැක්වීම”නමැති ධවල පත්‍රිකාව නිකුත් කරයි. චීන විදේශ අමාත්‍යංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් එහි ප්‍රකාශක Guo Jiakun මහතා සඳහන් කළේ, එය ගෝලීය ආරක්ෂික මුලපිරුම, ගෝලීය පරිපාලන මුලපිරුම සක්‍රිය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා චීනය යොදා ගන්නා පියවරක් බවයි.  

‍ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 80 වන සංවත්සරය මේ වසරට යෙදෙයි. එම වැදගත් ඓතිහාසික අවස්ථාවේදී චීනය එම ධවල පත්‍රිකාව නිකුත් කිරීම අර්ථාන්විත ක්‍රියාවක් බව හෙතෙම සඳහන් කළේය. චීනය මුල සිට ම ලෝක සාමය ගොඩනැගීමේ, ගෝලීය සංවර්ධනයට දායකත්වය දැක්වීමේ හා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කිරීමේ පාර්ශ්වයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර අවි පාලන පද්ධතිය තහවුරු කර සංවර්ධනය කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සාමය බලාපොරොත්තුවෙන් සිටින සියළු රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.