නව වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දී ආරම්භ විය. චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා එහි සමාරම්භක උත්සවයට ‍එක් ‍වෙමින් දේශනයක් පැවැත්වීය.

මෑත වසරවලදී චීනය සහ දකුණු ආසියානු රටවල් විවෘතභාවය, සහයෝගීතාවය සහ සහභාගිත්වයෙන් යුතු ස්වභාවයට අනුගත වී, විවිධ ක්ෂේත්‍රයන් හි ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කර ඇත.  එසේම දෙපාර්ශ්ව‍ය ආර්ථික හා වෙළඳ සංවර්ධනයේ මනා ගම්‍යතාවක් පවත්වා ගෙන ඇති අතර එයින් සියලු රටවල ජනතාව ප්‍රතිලාභ අත්කර ගෙන තිබෙන බව Wang Dongming මහතා එහිදී පෙන්වා දුන්නේය.

තම සංවර්ධනය දකුණු ආසියානු රටවල සංවර්ධනය සමඟ වඩාත් සමීපව ඒකාබද්ධ කිරීමට චීනය කැමැත්තෙන් සිටී. සාමය, සන්සුන්භාවය, සමෘද්ධිය, සුන්දරත්වය සහ මිත්‍රත්වය යන “ප්‍රධාන සංරචක පහ” ගොඩනැගීම පොදු දැක්ම ලෙස ගෙන, අසල්වැසි රටවල් සමඟ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට එක්ව වඩාත් පැහැබර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය සූදානමින් සිටින බව Wang Dongming මහතා එහිදී අවධාරණය කළේය.