චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව විදෙස් තානාපතිවරුන්ගේ අක්ත පත්‍ර භාර ගනී. අද (25) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා වියට්නාමය, පැනමාව සහ ඇමරිකාව ඇතුළු රටවල නව තානාපතිවරුන් 16 දෙනෙකුගේ අක්ත පත්‍ර භාර ගත්තේ ය.

ඒ සඳහා විශේෂ උත්සවයක් ද පැවැත්වූ අතර එහිදී චීන ජනාධිපතිවරයා දේශනයක් ද පැවැත්වීය.
චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව පුළුල් කිරීමෙන් දැවැන්ත මහා පරිමාණ වෙළඳපොළෙන් ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවත්, චීනයේ නව සංවර්ධනය සියලු රටවලට නව අවස්ථාවක් බවට පත් කර ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරන බවත් ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හරය කරගත් ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වන ජාත්‍යන්තර පිළිවෙල ස්ථිරව ආරක්ෂා කිරීමට චීනය සියලු රටවල් සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. සමස්ත ලෝකයට වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා මිත්‍රශීලී සහයෝගීතාව ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කරමින් ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් නිර්මාණය කිරීමට දායක වීමට චීනය කැමති බව ද ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.