න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ වර්තමාන ගෝලීය පාලන ගැටළු විසඳීමේදී චීනයේ ගෝලීය පාලන මුලපිරීම ඉතා වැදගත් වන බව චීන නිරායුධකරණ තානාපති පවසයි.
චීන නිරායුධකරණ තානාපති Shen Jian මහතා 17 වන දා එක්සත් ජාතීන්ගේ 80 වන මහා සම්මේලණයේ පළමු කමිටු සම්මේලනයේ දී පැවසුවේ, වත්මන් ලෝකය කැළඹිලි සහ වෙනස්කම්වලින් පිරුණු නව කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බවයි. න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය, දේශපාලනීකරණ සහ කන්ඩායම්කරණයෙන් සිදුව ඇති බහුවිධ අභියෝගවලට මුහුණ දෙමින් ඇති බව ඔහු පැවසීය.
විවිධ රටවල් න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය දැඩි ලෙස ආරක්ෂා කළ යුතු බවත්, උපායමාර්ගික ස්ථාවරත්වයට හානි කරන ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට දැඩි ලෙස විරුද්ධ විය යුතු බවත්, Shen Jian මහතා අවධාරණය කළේ ය. චීනය ඒ ඒ පාර්ශ්ව සමඟ, ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට මෙන්ම, න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමට ද කැමැත්තෙන් සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.