
නැන්ජිං සංහාරය පිළිබඳ නිර්මාණය කළ “Dead To Rights” නම් චීන සිනමා පටය, පසුගිය 07 වැනිදා රාත්‍රියේ කැනඩාවේ Ottawa, Toronto සහ Vancouver යන නගරවල මංගල දර්ශනය පැවැත්විණ. Vancouver හි දී එහි චීන කොන්සල් ජනරාල් කාර්යාලයේ සහ චීන සමාගම්වල නියෝජිතයින් මෙන්ම විදේශීය චීන ජාතිකයින් ඇතුළු 300 කට අධික පිරිසක් චිත්‍රපටය නැරඹීමට එක් වූහ.
චිත්‍රපටය ආරම්භ වීමට පෙර, සියලු ප්‍රේක්ෂකයෝ ඉතිහාසය පිළිබඳ ඔවුන්ගේ මතකයන් සහ සාමය අගය කිරීම ප්‍රකාශ කළහ. චිත්‍රපටය අවසන් වූ විට, ප්‍රේක්ෂකයින් කඳුළු සලමින් සංවේදී වූ ආකාරය දක්නට විය.

“Dead To Rights” චිත්‍රපටයේ තවත් මංගල දර්ශන කිහිපයක් අගෝස්තු මස 10 වැනිදා කැනඩාවේ Saskatoon නරගයේදීත්, අගෝස්තු මාසයේ 11වැනිදා කැනඩාවේ Calgary නගරයේදීත් පැවැත්වේ. ලබන 15වැනිදා, මෙම චිත්‍රපටය කැනඩාව පුරා ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් සිනමාශාලාවන් හි නිල වශයෙන් ප්‍රදර්ශනය කෙරේ.

චීනයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් දත්තවලට අනුව පසුගිය ජුනි සිට අගෝස්තු දක්වා වූ ගිම්හාන කාලයේදී බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව), අද (9) දිනය වනවිට චීන යුවාන් බිලියන 8 ඉක්මවා ඇත. ඒ අතරින්, “Dead To Rights” චිත්‍රපටය යුවාන් බිලියන 2 කට වැඩි ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්ව තිබීම විශේෂත්වයකි.