නැන්ජිං සංහාරය පිළිබඳ චීන සිනමාපටයක් වන “Dead To Rights” සිනමා නිර්මාණය පසුගිය ජූලි 25 වන දා තිරගත කිරීම ඇරඹීමෙන් පසු දින 10ක් ඇතුළත යුවාන් බිලියන 1.5 කට වැඩි ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්ව තිබේ. එය සිනමා ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොමඳව දිනා ගනිමින් මෙම ගිම්හාන කාලයේ ජනප්‍රියම නිර්මාණය බවට පත් ව ඇත.
මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයේ ද පෙළඹවීමෙන් පසුගිය ජුනි සිට අගෝස්තු දක්වා වූ ගිම්හාන කාලයේදී එක් දින සමස්ත බොක්ස් ඔෆිස් ආදායම (03) වනදා වන විට යුවාන් මිලියන 380ක වාර්තාගත ඉහළම මට්ටමකට ළඟා වීම විශේෂත්වයකි. මෙය සිනමා කර්මාන්තයේ වර්ධනීය ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව Maoyan සහ Beacon යන චීන ප්‍රවේශ පත්‍ර වේදිකාවලින් ද පෙනී යයි.
පසුගිය(03) වනවිට චීනයේ ගිම්හාන කාලයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 7කට ළඟා වී ඇත. “Dead To Rights” චිත්‍රපටය එහි ප්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් පළමු ස්ථානයේ පසු වන අතර යුවාන් මිලියන 623ක ආදායමක් සහිත දේශීය ප්‍රහසන චිත්‍රපටයක් වන “The Lychee Road” සහ යුවාන් මිලියන 555ක ආදායමක් සහිත යුනිවර්සල් සමාගමේ “Jurassic World Rebirth” චිත්‍රපටය දෙවන සහ තුන්වන ස්ථානවල පසුවේ.