මෙම වසරේ මකර බෝට්ටු උත්සව නිවාඩු කාලය තුළ, චීනය පුරා දේශසීමා පරීක්ෂණ ආයතන, මිලියන 5.907 ක දෙස් විදෙස් ඇතුළුවීම් සහ පිටවීම් වාර සංඛ්‍යාවක් සහතික කළ බව චීන ජාතික ආගමන පරිපාලනය පවසයි. ඒ අනුව, එය දිනකට සාමාන්‍යයෙන් මිලියන 1.969 ක් වූ අතර පසුගිය වසරේ එම කාලයට වඩා 2.7% ක වැඩිවීමකි. ජුනි 1 වන දා, එක් දින ඇතුල්වීමේ සහ පිටවීමේ නිෂ්කාශනයේ උච්චතම අවස්ථාව වාර්තා වූ අතර එය මිලියන 2.086 ක වාර සංඛ්‍යාවකි.
නිවාඩු කාලය තුළ වීසා රහිත ප්‍රතිපත්තිය සමඟ පුද්ගලයන් වාර 231,000ක් චීනයට ඇතුළු වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 59.4% ක වැඩිවීමකි. පැමිණීමේ සහ පිටවීමේ ප්‍රවාහන විධි 263,000 ක් පරීක්ෂා කෙරුණු අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 10.5% ක වර්ධනයකි.
මකර බෝට්ටු උත්සව කාලයේ, චීනය පුරා දේශසීමා පරීක්ෂණ ආයතන සුමට නිෂ්කාශනය සහතික කිරීමට සමත් වූ අතර, චීනය පුරා වරායන්හි ඇතුළුවීම් සහ පිටවීම් ආරක්ෂිත, කාර්යක්ෂම, ස්ථාවර සහ මනා ක්‍රමවේදයට අනුව සිදු කෙරිණ.