‘නීති මත පදනම්ව තායිවාන ස්වාධීනත්වය’ පිළිබඳ සිදු වන කුමන්ත්‍රණ බිඳ දමනු නියතයි – චීනය

 ‘නීති මත පදනම්ව තායිවාන ස්වාධීනත්වය’ පිළිබඳ සිදු වන ඕනෑ ම ආකාරයේ කුමන්ත්‍රණයක් නියත වශයෙන් බිඳ දමනු ඇතැයි චීනය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා මේ බව පැවසීය.

තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂයේ සාමාජිකත්වය හිමි නියෝජිතයන් වත්මන් තායිවානයේ ක්‍රියාත්මක ‘සමුද්‍ර සන්ධි දෙපස ජනතා සබඳතා පිළිබඳ චක්‍රලේඛනය’ සංශෝධනය කරමින් ‘තායිවානය සහ චීන මහජන සමූහාණ්ඩුව’ ලෙස දෙපාර්ශ්වයේ සබඳතා නිරූපණය කිරීමට යෝජනා කළ බව තායිවාන ප්‍රදේශයේ මාධ්‍ය වාර්තා කරයි.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Chen Binhua මහතා පැවසුවේ එවැනි යෝජනා, තායිවානය චීනයට අයිති කොටසක් යන ඓතිහාසික හා නීතිමය සත්‍යයට මුළුමනින් පටහැනි වීමක් බවය. ‘නීති මත පදනම්ව තායිවාන ස්වාධීනත්වය’ පිළිබඳ සිදු වන ඕනෑ ම ආකාරයේ කුමන්ත්‍රණයක් බිඳ දැමීමට චීනයට දැඩි අධිෂ්ඨානයක් හා ප්‍රබල හැකියාවක් සතු බව ද ඔහු කියා සිටියේය.