පුළුල් ව්‍යාප්තියක් අපේක්ෂා කළ ද සාමාජික රටවල ගැටුම් හමුවේ නේටෝ සමුළුව යුරෝපීය ආරක්ෂක එකඟතාවයන් ලබා ගැනීම දුෂ්කරතාව පෙන්නුම් කරයි. යෝජිත සියයට 5ක් වූ ආරක්ෂක වියදම් ඉලක්කය, ඇමරිකා-යුරෝපා ආරක්ෂක විශ්වාසනීයත්වය පළුදු වීම මෙන්ම නේටෝ සාමාජික රටවල විශාල වශයෙන් මතුව ඇති බෙදීම් හමුවේ මනාව හෙළිදරව් කෙරේ.
CGTN ආයතනය මේ සම්බන්ධව මත විමසුමක් සිදු කර ඇත. එහිදී සියයට 67.4ක අදහස් දැක්වූවන් නේටෝ මිලිටරි ව්‍යාප්තිය දැඩි ලෙස විවේචනය කරයි. එය නව අවි ආයුධ හරඹයක් ඇති කර ගෝලීය සාමය හා ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
ගෝලීය මිලිටරි බලයේ අසමතුලිතතාවයක් පැවතිය ද, NATO සාමාජික රටවල් ඔවුන්ගේ ආරක්ෂක වියදම් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. සමීක්ෂණයේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 84.7ක් නේටෝව පූර්ණ යුද යාන්ත්‍රණයක් බවට පත්ව ඇතැයි චෝදනා කරති. එමෙන්ම බහුතරයක් එහි වේගවත් මිලිටරි ව්‍යාප්තිය දෙස අවධානය යොමු කළ යුතු බව කියාසිටී. එමෙන්ම නෝටෝවේ ක්‍රියාකාරීත්වය ගෝලීය සාමය හා ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බවට ද අනතුරු අඟවයි.
නේටෝ අරමුණු යථාර්ථයට පටහැනි ය. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80 ඉක්මවූ පිරිසක් යුරෝපා සාමාජික රටවල් මත ආරක්ෂක වියදම් තියුණු ලෙස වැඩි කිරීමට බල කිරීමෙන් බදු වැඩිවීමක් හෝ සමාජ සුබසාධනය අඩුවීමක් සිදුවිය හැකි බව පවසති. මෙම වියදම් ගැටලුව නේටෝවේ යුරෝපීය සාමාජික රටවල් අතර බෙදීම් වැඩි කරනු ඇති බව ද සඳහන් වේ. බහුතර පිරිසක් ඇමරිකාව යුරෝපා මිතුරන්ගේ ගැටලු නොසලකා හරින බවට ද චෝදනා කරති. එමෙන්ම මෙවැනි තත්ත්වයන් හමුවේ නේටෝව තුළ විරසකයන් තවදුරටත් පුළුල් විය හැකි බව ද පෙන්වා දෙයි. .
මෙම සමීක්ෂණය CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු මාධ්‍ය වේදිකා ඔස්සේ පවත්වා ඇති අතර පැය 12 තුළ විදේශීය පුද්ගලයින් 6000 කගේ මතය ලබා ගැනීම විශේෂත්වයකි