ප්‍රාදේශීය වශයෙන් චීනයේ වෙළඳ වපසරිය ඉහළට

ගෙවී ගිය මාස 11 තුළ, ප්‍රාදේශිය වශයෙන් චීනයේ වෙළඳ වපසරිය විධිමත් ලෙස පුළුල් වී ඇතැයි වාර්තා පවසයි. ඒ අතරින්, Yangtze ගංගා ඩෙල්ටා ප්‍රදේශය, Guangdong-Hong Kong-Macao මහා බෝක කලාපය, Beijing–Tianjin–Hebei  නාගරික කලාපය ඉන් කැපී පෙනේ.

එම කාලය තුළ, Guangdong-Hong Kong-Macao මහා බෝක කලාපයේ Guangdong පළාතට අයත් නගර 9ක අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 8.3ක් විය. පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී එය 4.6%ක වැඩිවීමක් වන අතර, එය නව වාර්තාවක් ද වෙයි. ඒ සඳහා අධි තාක්ෂණික නිපැයුම් අපනයන හා ආනයන දායකත්වය කැපී පෙනේ.

එමෙන් ම, වසරේ මුල් මාස 11 තුළ, Yangtze ගංගා ඩෙල්ටා ප්‍රදේශයේ අපනයන හා ආනයන වටිනාකම ප්‍රථම වරට චීන යුවාන් ට්‍රිලියන 15 ඉක්මවා තිබීම විශේෂත්වයකි. මෙය 2024 වසරේ එම කාලයට වඩා 6.2%කින් වර්ධනය වී ඇත. එහිදී ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීමට එක්වූ රටවල් කෙරෙහි සිදු කර ඇති අපනයන හා ආනයන වර්ධන අනුපාතය 11%කි.