“පුළුල් බ්‍රික්ස් සහයෝගීතාව” නව තලයකට රැගෙන යාම සඳහා සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ලැබුණු ආරාධනයකට අනුව ඊයේ (08) රාත්‍රී බ්‍රික්ස් රටවල නායකයින්ගේ මාර්ගගත සමුළුවට සහභාගී වී හෙතෙම වැදගත් දේශනයක් පැවැත්වීය. අද (09) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු ඒ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Lin Jian මහතා මේ අදහස් පළ කළේය.
අලුතින් නැගී එන වෙළඳපොළ සහිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගිය සහ සහයෝගීතාවය සඳහා බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණය වැදගත් වේදිකාවක් බව Lin Jian මහතා පැවසීය. බ්‍රික්ස් රටවල නායකයින් මාර්ගගත සමුළුවක් පවත්වා,වත්මන් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පරිසරය සහ බහුපාර්ශ්වික පද්ධතිය පවත්වා ගැනීම පිළිබඳව ගැඹුරු අදහස් හුවමාරු කර ගත් අතර, පුළුල් එකඟතාවයකට පැමිණියහ. බ්‍රික්ස් හවුල්කාරිත්වය ගැඹුරු කිරීම සහ ගෝලීය දකුණේ අවශ්‍යතා වැඩි දියුණු කිරීම සඳහා මෙය ඉතා වැදගත් වන අතර, “පුළුල් බ්‍රික්ස් සහයෝගීතාව” උසස් තත්ත්වයේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙන බව ඔහු පැවසීය.
සමුළුවේදී ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කිරීමටත්,ලෝකයේ සමාන හා ක්‍රමවත් බහු ධ්‍රැවීකරණය සහ සියල්ල ඇතුළත් ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා නව දායකත්වයක් ලබා දීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.